⚔️🛡️ Hello Half-Bloods 🛡️⚔️
ඔන්න අද මම කතා කරන්න යන්නේ *🔥ප්‍රොමිතියස්🔥 ගැන* Part -2 එක. මේකෙදි නම් ප්‍රොමිතියස් වඩා කතා කරන්නේ
📦 පැන්ඩෝරා සහ එයාගේ පෙට්ටිය ගැන 📦
*🔥ප්‍රොමිතියස්🔥 ගැන* Part -1 එකේදී මම පැන්ඩෝරා ඉපදුණ හැටි කතාකලා මතක නැති අයට ඔන්‍න ආයේ ප්‍රොමිතියස් ඉර දෙවියන්ගේ ගින්දර හොරකම් කරලා මිනිස්සුන්ට දුන්නට සියුස් එයාට දඩුවම් කරන්න හිතාගෙන තමයි පැන්ඩෝරාව හැදුවේ ඊට පස්සේ එයාව ප්‍රොමිතියස්ගේ සහෝදරයා වෙච්ච එපිමිතියස්ට සියුස් එයාගේ බිරිද විදිහට තෑග්ගක් විදිහට දුන්නා. එත් එක කොහොමද ප්‍රොමිතියස්ට දඩුවමක් වෙන්නේ කියල තමයි අද කියන්නේ යන්නේ
📦 පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා* පොත කියවපු කෙනෙක් නම් ඔයා පන්ඩෝරගේ පෙට්ටිය ගැන දන්නවා ඇති 📦
📦හර්මිස් එපිමිතියස්ට පැන්ඩෝරාව දුන්නාම එයා ගොඩක් සතුටු වුණා.නමුත් ප්‍රොමිතියස් සියුස් දෙන කිසිම තෑග්ගක් බාරගන්න එපා කියලා තමයි තිබුනේ.එත් ඒ හැම දෙයක්ම පැන්ඩෝරාව දැක්කහම අමතක වුණා.පැන්ඩෝරා එයාගේ අලුත් ගෙදරට කැමති වුණා.එත් එක්කම එයාට සියුස් දීපු තෑගි පෙට්ටිය මතක් වුණා .නමුත් ඥාණයට අඩිපති දෙවගන වුන අතිනා දෙවගන මේ පෙට්ටිය අරින්න එපා කියලා තමයි කියලා තිබුණේ. “මම මේක අරින්න හොද නැත්නම් ඇයි මේක මට සියුස් දුන්නේ”පැන්ඩෝරා එයාටම කියාගත්තා.පැන්ඩෝරා හට මේ පෙට්ටිය ගැන මාර කුතුහලයක් ඇති වුණා.මේකේ ඇත්තේ මැණික් කියලා එයා හිතුවා.ගැණුනේ ඉතින්📦
📦 අතිනා දෙවගනවත් වෙන දෙවිවරුවත් මේ ගැන දැනගන්න එකක් නැහැ කියලා හිතපු පැන්ඩෝරා මේ පෙට්ටිය හිමිට ඇරියේ ඒක ඇතුලට එබිලා බලන්න.නමුත් එක පාරටම මහා අමුතු සද්දයක් සමග ලෝකයේ කිසිවකු නොදුටු ලෙස මරණයට සමාන මුහුණු සහ ඝෝෂාකාරී හා බියකරු ස්වරූප ඇති අමුතු ජීවීන් දසදහසක් පියාසර කළාය. ඔවුන් ටික වේලාවක් කාමරය වටා පියබල , මිනිසුන්ගේ නිවෙස් ඇති සෑම තැනකම වාසස්ථාන සොයා ගැනීමට පියාසර කළහ. ඒවා රෝග සහ අනෙක් වසන්ගතයන් විය.මොකද ඒ වෙනකොට කිසිම මනුස්සයෙක්ට ලෙඩ රෝග සැදී නැත.මෙම ජීවීන් සෑම නිවසකටම පියාසර කළ අතර, කිසිවකුට නොපෙනී, පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ සහ දරුවන්ගේ ළය තුළට වැටී ඔවුන්ගේ සියලු ප්‍රීතියට තිත තැබුවේය. එදින පටන් ඔව්හු නොපෙනී, නොඇසූ, මුළු දේශය පුරා පියාසර කරමින්, බඩගාමින්, සෑම නිවසකටම වේදනාව, දුක සහ මරණය ගෙනවා.📦
📦නමුත් හොද වෙලාවට පැන්ඩෝරා පියන ඉක්මණින් වැහුවේ නැත්නම් අන්තිම නපුරු ජීවීන් එලියට පනින්න තිබුණා.එයාගේ නම Foreboding.එකේ තේරුම නම් හරියටම දන්නේ නැහැ හැබැයි එය එලියට ගියානම් මුළු ලෝකෙම හිටිය අය ඉස්සරහට වෙන්න පුළුවන් කරදර දැනගන්න තිබ්බා.එතකොට මිනිස්සු කවදාවත් සතුටින් ඉන්න එකක් නැහැ ඔන්න.📦
📦ඔන්න ඔහොම තමයි සියුස් එයාගේ කූට උප්‍රක්‍රම දාලා ප්‍රොමිතියස් සහ මිනිස්සුන්ට දඩුවම් කළේ.📦
📦මේක අහල zeus cabin එක මාත් එක්ක තරහ වෙන්න එපා විශේෂයෙන්📦
📦ඇත්තටම පන්ඩෝරටත් නිකන් ඉන්න බැහැනේ එක එක උන් දෙන පෙට්ටි කඩන් නැතුව ඕක අල්මාරියකට දාලා තිබ්බනම් මොකද වෙන්නේ📦
📦මේ කතාව part -2 ඉවර කරන්න හිටියේ එත් බැරිවුණා එහෙනම් අර්ධ ලෝහිත වරුනි අදට ඉවරයි ගිහින් එන්නම් 📦
📦බයවෙන්න එපා Part -3 තියෙනවා.📦
⚔️🛡️ Bye Half-Bloods 🛡️⚔️
ලිව්වේ
සංජිත විදුර
Cabin Posiden 🌊
⚔️🛡️ Cabin Half-Bloods 🛡️⚔️

If you like my post, please share and comment.
ReplyDelete