ග්‍රීක දෙවි පොසයිඩන්
පොසයිඩන් ගැන හැඳින්වීම
ඔබ පර්සි ජැක්සන් කතා මාලාව කියෙව්වෙක් නම් හෝ පර්සි ජැක්සන් චිත්‍රපටිය බැලුවෙක් නම් පොසයිඩන් ගැන නොදැන සිටිය නොහැක. මොකද කිව්වොත් පොසයිඩන් කියන්නේ පර්සි ජැක්සන්ගේ පියා ය.
- පොසයිඩන් යනු ග්‍රීක දේව කතා වලින් වඩාත්ම ප්‍රසිද්ධ දෙවි කෙනෙකි.
- ඔහු මුහුදු, භූකම්පන සහ අශ්වයන්ගේ දෙවියන් බවට පත්වී ඇත.
- තවද ඔහු තවත් ග්‍රීක දෙවිවරු දෙදෙනෙකු වන සියුස් සහ හේඩීස්ගේ සහෝදරයා ලෙසද හැඳින්වේ.
- ඔහුගේ විශේෂිත සංකේතය හා ප්‍රදානම ආයුදයද ත්‍රිශූලයයි.
- එමෙන්ම ඔහු මුහුදේ සියලු සත්වයන්ගේ පාලකයෙකි.
- ඒ වගේම මොහු ලොකු තුන් කට්ටුවට අයත් දෙවි කෙනෙකි.
පොසයිඩන්ගේ උපත
පොසයිඩන් යනු රියාගේ හා කාලයට අධිපති ක්‍රොනොස්ගේ දෙවැනි පුත්‍රයා ය.සියුස් හා හෙඩිස් ඔහුගේ සහෝදරයන් වන අතර හේරා,හෙස්ටියා හා ඩිමිටර් ඔහුගේ සහෝදරියන් වේ. ටයිටන් කෙනෙකු වූ ක්‍රොනොස් තම පුතුන් තමාව මරා හෝ පරදා පරාජය කරයි යැයි සිතා තම පුතුවරු වූ හෙඩිස් හා පොසයිඩන් ගිල දැමිය.කෙසේ වෙතත් සියුස් විසින් ඔවුන්ව බේරා ගත්තේය.මෙයින් ක්‍රොනොස් හා ඔහුගේ පුතුන් අතර යුධයක් ඇති විය.මේ සදහා සයික්ලොප්ස්වරු විසින් දෙවිවරු හට ආයුධ හදා දුන්හ.මේ අතරින් රන්වන් ත්‍රිශුලයක් පොසයිඩන් හට හදා දුන්හි.
පොසයිඩන්ගේ පවුල
මව :- රියා
පියා:- ක්‍රොනොස්
දේව බිරින්දෑවරු:- ඇම්ෆ්රිට්යිට්,මෙඩුසා,ඩිමීටර්
මනුෂ්‍ය බිරින්දෑවරු:- ටයිරෝ,කැනිස්,අලෝපේ, ඇමියිමෝනේ,ක්ලියෝ,එත්රා
දේව දරුවන් :-ට්‍රයිටන්,රොඩා,බෙන්තෙසිකයිමී, දෙසපින,සෘන්බෙයෝ,පෙගසුස්,
මනුෂ්‍ය දරුවන් :-හිපොතෝන්,තිසියස්,නේලියස්, පෙලියස්,බෙලෙරොෆෝන්,ඔරිආන්

If you like my post, please share and comment.
ReplyDelete